පොඩි මැණිකේ ලොකු ගමනක් අරඹයි

උඩරට දුම්රිය මාර්ගයේ තවත් සුවිශේෂී ගමන් මගක ආරම්භය සනිටුවහන් කරමින් කොළඹ කොටුවේ සිට පේරාදෙනිය දක්වා දුම්රිය ගමන් ඇරඹීම අද උදෑසන 5.55 ට කොටුව දුම්රිය ස්ථානයේදී සිදු විය.

ඒ අනුව මෙතෙක් රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වූ උඩරට දුම්රිය අද දින සිට පේරාදෙනිය සහ ගම්පොල දක්වා ධාවනය කිරීම ආරම්භ විණි.

අද දින මෙම දුම්රිය අධීක්ෂණ කටයුතු සදහා සීමාවූ අතර හෙට දින සිට එය සාමාන්‍ය පරිදි ගමන් අරඹනු ඇත.

එසේම පළමු දුම්රිය ගමන සදහා දුම්රිය මාර්ගය පිලිසකර කිරීම සිදුකළ නිලධාරීන් සහ කාර්්‍ය මණ්ඩලය ඇතුලත්වූ අතර එය තවදුරටත් සුවිශේෂත්වයක් එක්කරමින් මහමාර්ග සහ ප්‍රවාහණ අමාත්‍ය බිමල් රත්නායක මහතා රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩ විය.

දිට්වා සුළි කුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගය දැඩි ලෙස හානියට පත්වූ අතර එය පිළිසකර කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *