දියවැඩියාව දෙස දෑස් හැර බැලීම, දියවැඩියාවෙන් අන්ධවීම වළකයි.  

අවට ලෝකය සිදුවන සියල්ල සැනකින් ඔබට දැනුම්දෙන ජීවමාන සාක්ෂිකරුවා ඔබේ දෑසයි. එහෙත් නොසිතූ මොහොතක ඒ සාක්ෂිකරුවා ඔබට අහිමි වුවහොත් එසේ නැතිනම් ඔබ එකවරම අන්ධභාවයට පත්වුවහොත් ඔබට දැනෙන සිතුවිලි සිතා ගන්න බැරිතරම් පහසු වන්නේ නැහැ. ඇත්තටම ඊගලග මොහොතේ සිට ඔබට මුහුණ දීමට සිදුවන්නේ ලොව කටුකම අත්දැකීමට.

ඒත් එකපාරට ඔබ අන්ධ වෙන්නෙ කොහොමද? ඔබට එහෙමත් හිතෙනව ඇති නමුත් ඔබ දියවැඩියාවෙන් පෙලෙන කෙනෙක්නම් ඔබට එහෙම වෙන්න පුලුවන්

සමහර වෙලාවට දියවැඩියාව නිසා ඇසේ සිදුවන රෝගී තත්ත්වය (diabetic retinopathy) කිසිම පූර්ව සංඥාවකින් තොරව ඔබේ ජීවිතයම අඳුරින් වසා දමනව. ඒ නිසා දියවැඩියාවෙන් පෙලෙන සෑම කෙනෙක්ම සෑම වසරකට එක්වරක් වෛද්‍ය පරීක්ෂණයට යොමු විය යුතුයි.

දියවැඩියාව තියෙන සැම කෙනාම අන්ධ වෙනව කියල ඔබ බියවෙන්න එපා. එහෙත් දියවැඩියාවෙන් පෙලෙන බොහෝ  කෙනෙකුටම මේ අවධානම තියෙනව. ඒ නිසා නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණයට යොමුවීම වැදගත් අනිත් කාරණය ඇසේ ඇතිවන වෙනස්වීම මුල් කාලයේ අදුනාගතහොත් ඒ සදහා ප්‍රතිකාරකිරීමත් වඩා පහසු වෙනව.

ඔබ දියවැඩියාවෙන්  පෙලෙන කෙනෙක්ද? එහෙම නම් ඔබ කොහොමද සාමාන්‍ය ජිවිතයක් ගත කරන්නෙ එහෙම නැත්නම් ඔබ අවධානම් කාණ්ඩයේ ඉන්න කෙනෙක්ද ? රෝග අවධානමෙන් මිදීම ඒවගේම රෝගය පාලනය මේ හැමදේම අපිට තිබෙන ලොකු ප්‍රශ්න .

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පසුගිය (නොවැම්බර් 13) සිදු කෙරුනු මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී විශේඥ වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් පුලුල් පැහැදිලි කිරීමක් සිදුකෙරුවා .  

දියවැඩියාව පෙලෙන අයෙකුට ඇසට හානිවෙන්නෙ කොහොමද? අක්ෂි ශල්‍යය විශේඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය “දියවැඩියා රෝගය නිසා ඇස්වල ඇතිවන වෙනස්වීම මුලින්ම ඇසේ දුෂ්ඨිවිතානය මත රුධිරය කාන්දුවීම ලෙස ආරම්භ වෙනවා .මේ ආකාරයට ඇසමත රුධිරය කාන්දුවීම නිසා දුෂ්ඨිවිතානය ඉදිමීමට ලක්වෙනාවා.  මෙවැනි තත්ත්වය තවදුරත් වර්ධනය වී අවසානයේ ලේ නහර පුපුරා ගොස්  දුෂ්ඨිවිතානය ගැලවීයාමට තරම් සංකීර්ණර්ණ සහ අවධානම් තත්ත්වයක් ඇති වෙනවා. අපි උත්සහ කරන්නෙ රෝගීන් අන්ධභාවයට පත්නොවී කෙසේ හෝ පෙනීම රැක දෙන්න ඒත් රෝගීන් මෙවැනි අවධානම් තත්ත්වයට පත්වෙනතුරු බලා සිටිය යුතු නැහැ.

එහිදී ශ්‍රී ලංකා අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතාගේ අන්ධවීම වලක්වා ගැනීම පිලිබද පුලුල් විග්‍රහයක් සිදුකකෙරුවා.

“දියවැඩියාවෙන් සිදුවන අන්ධභාවය ඇතිවෙන්නෙ රෝගීන්ට කිසිදු පූර්ව සංඥාවකින් තොරව හිටිහැටියෙමයි. මේ නිසා දියවැඩියා රෝගීන් දෑස පරීක්ෂා කිරීම සෑම වසරකට සැරයක් සිදු කළ යුතුයි. මූලික අධියරේදී ඇසේ වෙනස්වීම හදුනා ගතහොත් දියවැඩියාව නිසි පාලනය මගින් මෙම තත්ත්වය  පාලනයක් ඇතිකර ගන්න පුලුවන්.

දෑස්වල රෝගය වර්ධනය වී ඇති ආකාරය අනුව ලේසර් ප්‍රතිකාර මෙන්ම ඇසට එන්නත් ලබාදීම සිදුකරනව .ඒ වගේම ඇසට ශල්‍ය ප්‍රතිකාර ලබාදෙනව සමහර ප්‍රතිකර්ම ඉතා සංකීර්ණයි. ඒ වගේම වියදම් අධිකයි රෝගීයාට ඇතිවන පීඩාව ඉතා වැඩියි.ඒ නිසා පහසුම කටයුත්ත ප්‍රතිකාර ලබා නොගැනීමේ තත්ත්වයට දෑස රැකගගැනීමයි.

ඒ වගේම දියවැඩියාව නිසා අන්ධභාවයට පත්වන වැඩි පිරිස 30 -50 වයසේ වැඩ කරන ජනතාව පවුලේ ආධායම උපයන කෙනා ඒක ඉතා කනගාටුදායක කාරණාවක්.

කායික රෝග විශේඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා උපදෙස් ලබා දුන්නෙ ලංකාවේ ජනගහනය අතර 23% ක් පමණ දියවැඩියාවන් පෙලෙන බවත් එසේම  ජනගහනයෙන් 30% පමණ තමා රෝගීන් බව නොදෙැන රෝගය සමග ජීවත් වන බවයි.

නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවැතීම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට හානි සිදුවන බවත් නිසි වෛද්‍ය උපදෙස් අනුව රෝගය  ක්‍රමවත් පාලනය පිලිබදව ඔහු දැඩි අවධාරණය කළා . එසේම වයස අවුරු 30 ඉක්මවූ සෑම පුද්ගලයෙක්ම දියවැඩියාව හදුනා ගැනීමේ මූලික පරීක්ෂණය සිදු‍කළ යුතු බවත් ගර්භණී දියවැඩියාවෙන් ඇතිවූ කාන්තාවන් මෙන්ම දියවැඩියාව පිලිබදව පවුල් ඉතිහාසයක් පවතින්නේනම් ඔවුන් මාස 06කට වතාවක් දියවැඩියා පිලිබද පරීක්ෂණය සිදුකළ යුතු බවද ඔහු පැවසුවා.

මේ අවස්ථාව සදහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බුද්ධික කුරුකලසූරිය මහතා ,sri lanka vireo retina හි විශේෂඥයන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය පී ශ්‍රීහරනාදන් මහතා ,විශේෂඥ වෛද්‍ය වරුන් සහ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *