විද්‍යා සතිය නොවැම්බර් (10 – 17), විද්‍යා වෙළද පොල නොවැම්බර්   (13 – 15)

රටක ජාතික සංවර්ධනයේ පෙරගමන්කරුවෙකු ලෙස විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය සුවිශේෂ වන බැවින් රටේ විද්‍යාත්මක සහ තාක්ෂණික හැකියාව ශක්තිමත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය සහ පර්යේෂණ ප්‍රතිපල රටේ ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස ප්‍රායෝගික විසදුම් බවට පත්කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (නොවැ09) විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

අදින්(නොවැ.10) ඇරඹෙන විද්‍යා සතිය සහ නොවැ13 සිට 15 දක්වා BMICH පැවැත්වෙන විද්‍යා වෙළද පොල පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වූ අවස්ථාවේදීය.

නොවැම්බර් 13 සිට 15 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිත විද්‍යා වෙළද පොල තුලින් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පර්යේෂකයන්, නව නිපැයුම්කරුවන්,කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් එකම වේදිකාවකට එක් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන බවත් ඒ  තුලින් දැනුම හුවමාරුව නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම ඒවා වාණිජ භාන්ඩ බවට පත්කිරීම එසේම ගවේශනය, මෙම වැඩ සටහනේ පරමාර්ථ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

‍මෙහිදී ව්‍යාපාරික සායන (BUSINESS CLINIC) විදතා ව්‍යවසායක ප්‍රදර්ශන සහ විද්‍යා සහ තාක්ෂණ ගරාජ SCIENCE AND TECHNOLOGY GARAGE) ප්‍රධාන වැඩ සටහන් පැවැත්වෙන අතර කර්මාන්ත සහ ව්‍යවසායවකයින් පරතරය අවම කිරීමටද කටයුතු කෙරේ.

එසේම ජාතික විද්‍යා සතිය යටතේ තාරකා විද්‍යා දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *