විදුලියට පැය තුනක විරාමයක් දෙයි.

“ලක්විජය” විදුලි බලාගාරයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද හෙට සහ අනිද්දා  (ඔක්. 20, 21, 22) තෙදින තුල රටපුරා ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර ඒ සදහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී ඇත.

රටේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කලාප හතරකට බෙදා සවස 4.30 සිට රාත්‍රි 9.00 දක්වා කාලය තුල මෙම විසංධි කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

කෙසේවුවද රෝහල් සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා සදහා විදුලි විසංධි කිරීම සිදු නොකරනු ඇත.

පසුගිය සෙනසුරාදා (ඔක් 17) රටපුරා සිදුවූ විදුලි බිදවැටීම් හේතුවෙන් නොරොච්චෝලි ලක්විජය බලාගාරය විදුලි ජනන යන්ත්‍ර 03 ම අක්‍රිය තත්ත්වයට පත්වූ අතර විදුලි සැපයුම කළමණාකිරීමේ අරමුනින් දෛනිකව විදුලි  කප්පාදු කිරීමක් සිදුකෙරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *