පුරුෂයන්, පුරුෂ සේවනයේ යෙදීම ශ්රී ලංකාවේ HIV ආසාදිතයන්ගේ ඉහළ ව්යාප්තිය සදහා හේතු වන බව ලිංගාශ්රිත රෝග පිලිබද විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය අවධාරණය කළාය.
ඒ අනුව HIV ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයන් වැඩි ප්රතිශතයක් දක්නට ලැබෙන බවත් HIV රෝගී පිරිමි පුද්ගලයන් හත් දෙනෙක් (07) අතර කාන්තාවන් හමුවන්නේ එක් (01) අයෙක් පමණක් බවත් ඇය පැවසුවාය.
වෛරසය ශරීර ගතවීම සදහා අනාරක්ෂිත ලිංගික සබඳතා මෙන්ම මත් ද්රව්ය සිරුරට ඇතුලු කිරීම සදහා යොදාගන්නා ආසාදිත එන්නත් උපකරන ප්රධාන වශයෙන් හේතු වන බවද වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය පෙන්වා දුන්නාය.
කොළඹ ද්රිස්ත්රික්කය කේන්ද්ර කරගනිමින් HIV වැඩිම ව්යාප්තියක් සිදුව ඇති බවත් එසේම රෝගීන් අතර විවිධ ක්ෂේත්රවල රැකියාවල්වල නියුතු වූවන් මෙන්ම විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන පිරිස්ද ඇතුලත් බවත් විවිධ වයස් කාණ්ඩ වල පිරිස් HIV ආසාදිතයන් අතර හමුවන බවද ඇය කීවාය.
කොවිඩ් වංගතයෙන් පසුව අන්තර්ජාලයට ප්රවේශවීමේ අවස්ථා ඉහළයාම, ආර්ථික අර්බුදය, මත්ද්රව්ය භාවිතාකරන පිරිස් වැඩිවීම, මෙම තත්ත්වයට බලපා ඇති හේතු ලෙස ඇය සදහන් කළාය.
එසේ වුවද HIV වැලක්වීම සහ ආසාදිතයන්ට ප්රතිකාර ලබා දීම සදහා ශ්රී ලංකාව තුල නවීන ප්රතිකාර ක්රම පවතින බවද අතුරු ආබාධ අවම වීම භාවිතා කළ යුතු මාත්රාව අවම වීම, මෙන්ම නොමිලේ ප්රතිකාර ලබාගත හැකිවීම මෙම ප්රතිකාර ක්රමවල ඇති වාසි ලෙස ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම සහ අනෙකුත් ලිංග්රාශිත රෝගවලක්වා ගැනීම සදහා විවිද ක්රියා මාර්ග බල ගැන්නුවද පවතින තත්ත්වය හමුවේ එම වැඩ සටහන් තව දුරටත් ශක්තිමත් කිරිමේ අවශ්යතාවයද පිලිබදවද ඇය සදහන් කළාය.
ශ්රී ලංකා ලිංගික සෞඛ්ය සහ HIV වෛද්ය ක්ෂේත්රය පිලිබද විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරි මහත්මිය මේ බව සදහන් කළේ ඊයේ (ඔක්තෝ14) සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යශයේදී පැවැති මාධ්ය හමුවකදීය.
මේ අවස්ථාව සදහා විශේෂඥ වෛද්ය වරුන් වන ලිලානි රාජපක්ෂ සහ ප්රගීත් ප්රේමදාස යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. ලිංගික සෞඛ්ය HIV වෛද්ය ක්ෂේත්රයේ වත්මන් ප්රවනතා රෝගවැලක්වීමේ ක්රමවේද සහ අනාගත නවෝත්පාදන පිලිබදව දැනුවත් කිරීම සදහා මෙම මාධ්ය හමුව සංවිධානය කර තිබිණි.