ප්‍රවේසමෙන්, ඉන්ෆුලුවෙන්සාව ඉක්මන් ගමනක

මේ දිනවල ඉන්ෆුලුවෙන්සා වෛරසයේ වේගවත් පැතිරී යාමක් දක්නට ලැබෙනබැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පිලිවෙත් අනුගමනය කරන ලෙස වසංගතරෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කුමාරපේම මහතා අවධාරණය කළේය.

උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම, නාසය අවහිරවීම, ශරීර වේදනාව, හිසරදය, තෙහෙට්ටුව හා වෙව්ලීම, ඉන්ෆුලුවෙන්සා වෛරසය ශරීර ගතවූවකුගේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ බවද එහෙත් සමහර ළමුන් අතර වමනය, පාචනය, වැනි ලක්ෂණ දක්නට ලැබෙන බව හෙතෙම සදහන්  කළේය.

“ඉන්ෆුලුවෙන්සා ‍වෛරසය පැතිරීම සිදුවන්නේ කැස්ස සහ කිවිසුම් ආසාධිත පුද්ගලයකු සමග පවත්වනු ලබන සමීප සබධතාවයකින් රෝග කාරක ස්ථාන ස්පර්ශ කිරීමෙන් අනතුරුව මුහුණ ස්පර්ශ කිරීම වැනි ක්‍රම වලින් රෝගය පැතිරෙනව.

 “ ඒවගේම රෝග ලක්ෂණ ඇතිවීමට පෙර වුවද ආසාධිතයකුගෙන් රෝගය පැතිරෙන්න පුලුවන්”

“ඉන්ෆුලුවන්සාවේ අවධානම් කාණ්ඩයම් සිටිනව වියපත් ජනතාව, කුඩා දරුවන්, ගැබිනි කාන්තාවන්, බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන් මීට අයත් වෙනව.”

වෛරසය ආසාධිත වීමෙන් වැලකීම සදහා සබන් යොදා දෑත් සේදීම, ස්වසන රෝග ලක්ෂණ ඇතිවිට මුව ආවරණ පැලදීම,ආසාධිතයන් සමග සමීප සබධතාවය නොපැවැත්වීම, රෝගී තත්ත්වයේදී නිවසේ රැදී සිටීම, ආදී ක්‍රමවේද අනුගමනය කරන ලෙස වෛද්‍ය පාලිත කුමාරපේම මහතා පෙන්වා දුන්නේය.

එසේම හුස්ම ගැනීමේ අපහසුතාවය,පපුවේ වේදනාව,දිගුකාලීනවපවතින අධික උණ, ව්‍යාකූලත්වය, දැඩි විජලනය, පවතින රෝග වල උත්සන්න වීම, වැනි අවස්ථාවන් වලදී වහා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසද ඔහු අවධාරණය කළෞය.

විශේෂඥ වෛද්‍ය පාලිත කුමාරපේම මහතා මේ බව සදහන් කළේ පසුගියදා (ඹක්14) කොළඹ සෞක්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉන්ෆුලුවන්සා රෝගය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *