අනුරාධපුර පූජාභූමියේ සංවර්ධනය සදහා යෝජිත සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සදහා අවශ්‍ය උපකාර කරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියෝ ඉල්ලති.
පූජාභූමිය සදහා යෝජිත සංවර්ධන සැලැමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමට නොහැකිවීම පිලිබදව කනගාටු වන බවත් එසේම පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා වී තිබූ ආරක්ෂිත වැට සම්භන්ධයෙන් ජනතාව වැරදි අවබෝධයක් ඇතිකරගෙන ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
අනුරාධපුර පූජා භූමිය තුළ ඉදිරි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊට අදාල තීරණ ගැනීම සදහා පත්කෙරුනු ජනාධිපති උපදේශන සභාවේ රුස්වීමක් අද(නොවැ16) බුද්ධශාසන අමාත්‍යංශයේදී සිදුකෙරුන අතර එහිදී පැවැති මාධ්‍ය දැනුවත්කිරීමේ වැඩ සටහනේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
පූජා නගරය තුල පදිංචි ජනතාව ඉවත් කරනවා යනුවෙන් වැරදි අවබෝධයක් ජනතාව තුල පවතින බවත් එසේවුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.
එහිදී වැඩි දුරටත් අදහස්දක්වමින් උන්වහන්සේ සදහන් කළේ “ජන විඥානය තේරුම් අරගෙන යමක් සමාජගත කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙනව අපට මේකෙ තිබුනු යම් යම් කාරණ ගැන මුලදීම ජනතාව දැනුවත් කිරීමට නොහැකිවුනා. උදාහරණයක් විදිහට මේ වැට සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුනා මීට දශක එකහාමාරකට පෙරත් මෙහි වැටක් ඉදිකර තිබුනා එම වැටේ ඉතිරිකොටස සංරක්ෂණය කරමින් නැවත නිර්මාණය කිරීමේ ඉල්ලීමක් අපවත්වී වදාල නායක ස්වාමින්වහන්සේගෙන් ඉදිරිපත්වී තිබුණා.මේ ආරක්ෂිත වැට ඉදිකිරීම සදහා විශේෂයෙන්ම අවශ්‍ය උනේ වෙනත් කරුණක් නෙවෙයි. ගවයන් දැමීම, මල් සහ කුරුම්බා දැමීම පුරාවිද්‍යා ස්මාරක මත්වාහන නැවැත්වීම අනවසර ඉදිකිරීම් වැනි කටයුතු නිසා මෙම ස්මාරකය විනාශ වන නිසයි. ඇත්තටම ඒ වැට ඉදිකිරීමට යෝජනා වෙලා තිබුනෙ පූජා භූමියට බොහෝ ඈතින් කෙසේ වෙතත් මේ වැට සම්බන්ධයෙන් අපේ අදහසක් දැන් නැහැ”.
රජවරු 104 දෙනෙක් මේ නගරය ආරක්ෂා කළා ඒ නිසා අනාගතයටත් එසේම වෙනව කවදාවත් අයහපත් ඡේතනාවක් මේ සම්බන්ධව තියා ගන්න එපා මේකෙ තියෙන වැලි ඇටයක්, ගල් ඇටයක් ගානෙ බුදු පසේ බුදු මහරහතන්වහන්සේලාගෙ ස්පර්ශය ලැබූ ශුද්ධ භූමියක් මේ භූමිය රකින්න ආරක්ෂා කරන්න මේ බෞද්ධයො පමණක් නෙවෙයි අබෞද්ධයො පවා කැපවෙලා තියෙනව ඒ නිසා අපි සියලුදෙනාගේම යුතුකම වගකීම මෙම මේවා රකගන්න ආරක්ෂා කර ගන්න මේවට ප්‍රතික්ශේප කරල මේව කඩාකප්පල් කරන්න එපා මේව රැකගන්න උදව්කරන්න අදහස් දෙන්න.”