මරණයේ පස්වෙනි දොරටුව – සෙප්සීස්

අපේ සිරුරට ඇතුලුවන ආසාදිත ද්‍රව්‍යයක් සිරුරින් ඉවත්කිරීම සදහා සටන් වැදීම සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලිය වුවද සෙප්සීස් තත්ත්වයකදී සිදුවන්නේ මෙම ක්‍රියාවලිය සදහා සිරුර මගින් ඉහළ ප්‍රතිචාරයක් දැක්වීම සහ එහි ප්‍රතිපලයක් ලෙස ශරීරයේ පද්ධතිවලට හානි සිදුවීම බව කොළඔ ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා  අනාවරණය කළේය.

විවිධ ක්‍රමවේද මගින් ශරීරයට ආසාදන ඇතුල් විය හැකි බවත් සමහර අවස්ථාවල සම මත ඇතිවන ඉතා කුඩා විවරයකින් වුවුද ශරීරයේ ඇතිවන ආසාදනය නිසා ඇතිවන සංකූලතාවය එය සෙප්සීස් තත්ත්වය දක්වා වර්ධනය විය හැකි බවත් කෙසේ වුවවද රෝහල් වල සිදු කෙරෙන සැත්කම් වලදී පවා මෙම තත්ත්වය ඇති වන බවද හෙතෙම පැවසීය.

සෙප්සීස් රෝගි තත්ත්වයට වඩාත් අවධානම් කාණ්ඩය ලෙස  බිලිදු දරුවන්, දීර්ඝ කාලීනව ඖෂධ ලබාගන්නා පුද්ගලයන්, වසර 70 වැඩි පුද්ගලයන්, ප්‍රතිශක්තිය දුර්වල පිරිස විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය නොකළ රෝගීන් වකුගඩු රෝගීන් මෙන්ම පිළිකා රෝගීීන් හැදින්විය හැකි බව ඔහු පැවසුවේය‍.

සෙප්සීස් ලොව පුරා සිදුවන සෑම මරණ පහකදී එක් මරණයක් සදහා හේතු වන්නේ සෙප්සීස් හෙවත්  ආසදනයක් නිසා ඇතිවන සංකීර්ණ තත්ත්වයක් බව කොළඹ රිජ්වේළමා රෝහලේ නිරිවින්දන විශේෂ වෛද්‍ය, නිර්වින්දන හා දැඩි සත්කාර විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී චමිලා ලියනගේ මහත්මිය අවධාරණය කළාය.

සමහර පුද්ගලයන්ගෙ ආසාදන සිදුවූ විට සුළු සෙම්ප්‍රතික්ෂාවක් මූත්‍ර දැවිල්ලක් වගේ ඇතිවී එය පහව යන්න ප්‍රලුවන් ඒත් සමහර පුද්ගලයන්ගෙ මෙම තත්ත්වය නියුමෝනියාව, මූත්‍ර ආසාදන දක්වා වර්ධනය වෙන්න පුලුවන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැරදි ලෙස ශරීරයටම හානිකිරීම තමයි සෙප්සීස් කියන්නෙ.

 “සුළු ආසාදනයේ සිට රෝගය සංකීර්ණ තත්ත්වයට පත්වීම රෝගියා හදුනාගත යුතුයි එහිදී උණ, අධික දහඩිය දැමීම, මූත්‍ර පිටවීම අඩුවීම මෙන්ම වේදනාව, ශරීරයේ පැහැය වෙනස්වීම සෙම්ප්‍රතික්ශාවකදී හුස්ම ගැනීමේ දැඩි අපහසුව, සිහිකල්පනාව මදි වීම, වෙව්ලීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවද  ඇය අනාවරණය කළාය.

“සෙප්සීස් කියන්නෙ ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබා දිය යුතු රෝගී තත්ත්වයක්, රෝහල්වල  හදිසි ප්‍රතිකාර ලබාදිය යුතු රෝග අතරට පෙප්සීස් නමත් ඇතුලත් කර තියෙනව. බොහෝ දෙනෙකුටමේ රෝග ලක්ෂණ හදුනා ගන්න අමාරුයි ඒ නිසා රොහල් කරා ඒන්නෙ ගොඩක් ප්‍රමාද වෙලා.”

උතුරා නිවාගත් ජලය පානය, දෑත් සේදීම, අවධානම් කටයුතුවලදී ආරක්ෂක ආවරණ පැලදීම වැනි ක්‍රම මෙම රෝගයෙන් ආරක්ෂාවීම සදහා භාවිතා කරන පිළිවෙත් බවද ඇය පැවසුවාය.

සැප්තැම්බර් 13 දිනට යෙදෙන ලෝක සෙප්සීස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේදී ඊයේ (සැප් 09) පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහු මේ බව කීහ.