රේගුව නව යුගයකට පිවිසෙයි

රේගු ඉතිහාසයේ නව පරිචේදයක් සනිටුවහන් කරමින් ජනාධිපති කාර්්‍යාලයේ ආධායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යංශය සහ ශ්‍රීලංකා රේගුව අත්වැල් බැදගනිමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හදුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ඔක් 01) ශ්‍රී ලංකා රේගුව ප්‍රධාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්්‍යය නන්දික සනත් කුමානායක මහතා සහභාගි විණි.

ඒ අනුව අද සිට සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන සහ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන් සහිතව යොමුකිරීම අනිවාර්ය වන අතර පැරණි ක්‍රමවේදය අනුව යොමුකරන ලද රේගු ප්‍රකාශන භාර ගැනීම අදින් අවසන් වෙයි.

‍රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍යසේවා නවීකරණ වැඩපිළාවල යටතේ මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර මෙම ක්‍රමවේදය හරහා රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභවනයෙන් සිදුකිරීමට සදහා විශාල පිටිවහලක් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *