මානව ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ ජනගහනය අභිබවමින් වයස අවුරුදු 65 ට වැඩි ජනගහනය ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපද සංඛ්‍යා ලේඛන කාර්්‍යාලය විසින් ප්‍රකාශයට පත්කරන ලද “AN AGING WORLD 2025”නම් ජාත්‍යන්තර ජනගහන සංගනන වාර්තාව මගින් අනාවරණය කර ඇත.
2020-2025 වර්ෂයන්ට අදාල සිදුකළ මෙම සංගනනයට අනුකූලව ලොව බිලියන 8.1 වන ජනගහනය අතරින් 11% පමණ වැඩිහිටි ජනගහනය බවත් කුඩා දරුවන්ගේ ජනගහන ප්‍රතිශතය 9% ක් පමන වන බවත් එසේම 2060 වර්ෂය වනවිට ලෝක වැඩිහිටි ජනගහනය 20% වන ඉහළ අගයක් දක්වා වේගවත් වර්ධනයක් සිදුවෙමින් පවතින බවත් මෙම වාර්තාව සදහන් කරයි.
ගෝලීය ප්‍රජනන වේගය එක්වර පහළ යාම සහ මිනිසාගේ ආයු අපේක්ෂාව වේගයෙන් ඉහළයාම යන සිදුවීම් හේතුවෙන් ජනගහන පිරමීඩය වෙනස් වී ඇති බවත් මෙය අනාගතයේ දී ලෝකය හමුවේ අභියෝග රැසක් නිර්මාණය වීම සදහා බලපැවත්වෙන බවත් එම වාර්තාව මගින් පෙන්වා දෙයි.
ප්‍රජනන වේගය පහළ යාම සදහා බලපැවැත්වෙන හේතු ලෙස නාගරීකරණය හේතුවෙන් මිනිසුන් වියදම් අධික ආර්ථිකයක සිරවීම, කාන්තා අධ්‍යාපන මට්ටම ඉහළයාම හේතුවෙන් ඔවුන් රැකියාවල නිරතවීම සහ උපත් පාලන ක්‍රම දියුණුව නිසා පවුල් සැලසුම් කිරීම, නිවාස මිල ඉහළ යාම සහ ලෝක ආර්ථික අස්ථාවරත්වය නිසා දරුවන් සීමා කිරීම වැනි කරුණු බලපැවැත්වෙන බවත් ජනගන සංගනන වාර්තාවේ අනාවරණය කරයි.
එසේම ආයු අපේක්ෂාව ඉහළයාමට බලපැවැත්වෙන හේතු ලෙස ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙල, උසස් නිදන්ගත රෝග කළමනාකරණය යන හේතු බලපැවැත්වෙන බවද මෙම වාර්තාව සදහන් කරයි.