තෙල් නගී

අද (30සැප්තැම්බර්) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව රුපියල් 399 පැවැති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව රුපියල් 414 ක් වෙයි.

එසේම රුපියල් 478 ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 528 ක් වෙයි.

රුපියල් 475 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්ට්‍රල්  මිල සංශෝධනයක් සිදු කර නොමැත.

එසේම රුපියල් 382 ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 392 ක් වෙයි.

එසේම රුපියල් 285 ක්ව පැවැති භූමිතෙල් මිල ද සංශෝධනයක් සිදුකර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *