මෙරට මිනිස් ජීවිත බිලිගන්නා ප්‍රධාන අවිය බවට පත්ව ඇත්තේ බෝ නොවන රෝග බවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතරින් 89% පමණ සිදුවන්නේ මෙම හේතුවෙන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේය.
බෝ නොවන රෝග නිසා මිය යන පිරිස අතර අකල් මරණ ඉහළ යමින් තිබෙන බවත් මිය යන සෑම 10 දෙනෙකු අතරින් 4 දෙනෙකු පමණ වයස අවුරුදු 60 නොඉක්මවූ අය බවද සෞඛ්‍ය ලේකම්වරයා අවදාරණය කළේය.
වසරකදී ලොවට අහිමි වන මිනිස් ජීවිත අතරින් මිලියන 4 කට පමණ වගකිව යුත්තා දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකාව, ආඝාතය වැනි බෝනොවන රෝග බවත් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය මෙම රෝග ඇතිවීම සදහා ඉහළ ප්රවනතාවයක් ඇතිකරන අතර දුම්පානය, මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය, ක්‍රියාකාරී නොවන ජීවන රටාව ද මේ සදහා බලපැවැත්වෙන අනිකුත් සාධක බවත්, හෙතෙම සදහන් කලේය.
ජාතික පෝෂණ මාසය වෙනුවෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය ලේකම්වරයා මේ බව කීය.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට පාරිභෝගිකයා දැණුමින් සන්නද්ධ විය යුතු බවත් ඒ සදහා පාරිභෝගිකයා යොමුකරවීම මෙවර පෝෂණ මාසයේ වැඩසටහන් අතර ප්‍රදාන කාර්්‍ය බවද සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි සෞඛ්‍ය ආරක්ෂිත බව කෙරේ දැඩි ලෙස අවධනය යොමු කළයුතු අතර එහි ලේබලයේ ඇතුලත් පෝෂණ තොරතුරු, කල් ඉකුත්වන දිනය, මාර්ග සංඥා තීරු ආදිය විමසිලිමත් විය යුතු බවත් සෞඛ්‍ය ලේකම්වරයා අවදාරණය කලේය.