සම්බුදු තෙමගුල අදයි.

සත්ත්වයා සසර කතරින් එතර කරවීම සදහා මෙළොව පහළවූ බෝසතානන්වහන්සේගේ උපත ,උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම මෙන්ම බුද්ධ පරිනිර්වානය සිහිපත්කෙරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි(30).

එසේම බුදුන්වහන්‍සේගේ පළමු විවරණ ලැබීමද සිදුවූයේ අදවැනි වෙසක් පොහොය දිනකදීය.

බුද්ධත්වයෙන් වසර අටකට පසුව උන්වහන්සේ  කැලණියට වැඩමවීමද වෙසක් දිනය තවත් අර්ථවත් සිදුවීම් අතරට එක්වෙයි.

ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස පූජාවන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සීල භාවනා වැඩසටහන් මෙන්ම දන්සැල් පැවැත්වීම, වෙසක් තොරන් පෙන්වීම ආදී වවිධ ආගමික වැඩසටහනවල නියුතුව කටයුතු කිරීම වෙසක් දින සුවිශේෂ අතරට අයත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *