ඉන්ධන ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව රුපියල් 410 පැවැති ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් කින් ඉහළ දමා ඇති අතර එහි නව රුපියල් 434 ක් වෙයි.

එසේම රුපියල් 458 ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 478 ක් වෙයි.

රුපියල් 470 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්ට්‍රල් මිල රුපියල් 25 ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 495 කි.

එසේම රුපියල් 392 ක්ව පැවැති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 285 ක් වෙයි .

එසේම රුපියල් 265 ක්ව පැවැති භූමිතෙල් මිල රුපියල්  20කින් ද සංශෝධනය වී ඇති අතර එහි නව මිල 285 කි‍.