යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ඇති අපට සාමය යන වචනය පවා අස්වැසිල්ලක් – ජනපති  

දිගුකාලීන යුද්ධයේ විනාශකාරීත්වය පිලිබදව ඉතා ඛේදනීය අත්දැකීම් ලැබූ පිරිසක් වශයෙන් ශ්‍රී ලාංකීය වැසියන් සාමයේ ඇති වටිනාකම මැනවින් දන්නා බවත් එසේම ලෝක සාමය කෙතරම්වූ කාර්්‍යක් මානවයා වෙනුවෙන් ඉටුවේ යැයි බලාපොරොත්තුව අප සියලුදෙනා තුල පවතින බවත් ඒ සම්බන්ධයෙන් පඤ්ඤාකර ස්වාමින්වහන්සේ ඇතුලු අනෙකුත් ස්වාමින්වහන්සේලා සිදුකෙරෙන මෙහෙවර පිලිබද ගෞරවය සහ කෘතඥතාව පුදකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය

ඊයේ (28) නිදහස්චතුරශයේ පැවති ඒහිපස්සිකෝ සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

චරක භික්කවේ චාරිකන් බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පයා යන බුදුන්වහන්සේගේ දේශනාව පදනම්කරමින් වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින්වහන්සේ ඇතුලු විදෙස් භික්ෂූන්හන්සේ 12 නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාම ගමනේ මෙරටේ පැවැත්වූ චාරිකාව ඊයේ නිමාකෙරුණු අතර එහි රාජ්‍ය උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

ධර්ම පාද චාරිකා ශ්‍රී ලංකාවේ අපට අලුත් දෙයක් නොවෙයි එය අපේ සංස්කෘතියේම කොටසක් බුදුන්වහන්සේ තමන්ගේ පළමු අග්‍රශාවකයන්ට දේශනා කළේ “චරථ භික්ඛවේ චාරිකං බහුජන සුඛාය බහුජන හිතාය මම හිතනවා එම බුදු වදන පෙරදැරි කරගනිමින් ලෝකය පුරා වෙසෙන අපේ ගරුතර මහා සංඝරත්නය වසර දහස් ගනනක් එම ධර්ම චාරිකාවේ පොදුජන හිත සුව පිණිස වැඩම කර තිබෙනවා.

මිහිදු මහරහතන් වහන්සේ අපේ රටේ ශ්‍රී ලංකාගමනය අපේ රටේ මහා සංස්කෘතිය නිර්මාණය කිරීමට දායක වුනා අනතුරුව අපි දන්නවා 17 වන සියවස පමණ වන විට අපේ උපසම්පදා භික්ෂුව අපට අහිමිවී තිබුනා එම නිසා නැවත ශාසනය පිහිටවීමේ අභියෝගයට අපි මුහුණ දී සිටියා එහිදී වැලිවිට සරණංකර  සංඝරාජ මහා හිමියන්ගේ නායකත්වය මැදිහත්වීම මත සියම්දේශයෙන් වැඩම කළ උපාලි නායක හිමිපානන් විසින් අපේරටේ නැවත බුද්ධ ශාසනය ස්ථාපිත කළා එය තායිලන්තයේ සිට  සිදුකළ චාරිකාවේ ප්‍රතිපලයක් එසේම වැලිවිට සරණංකර සංඝරාජ හිමිපානන් විශාල ධර්ම චාරිකාවක නිරතවුනා ධර්ම පොත්පත් පරිශීලනය කරමින් සංඝයාවහන්සේ පිලිබදව තිබූ දුර්මත ඉවත්කරමින් පොදුජනයා වෙත ධර්මයේ ඇති හරය ගෙනයාමට කටයුතු කලා.

අපේ හාමුදුරුවන් වහන්සේලා ගම් නියම්ගම් කරා අවුරුදු දෙදහසකට වැඩි කාලයක් තමාගේ දෙපා ගෙවෙනවානම් ගෙවෙන තරමට තමන්ගේ කටහඩ ‍වියැකී යනවානම් වියැකී යන තරමට දේශනා කරමින් ධර්ම චාරිකාවේ යෙදුනා මම හිතනවා අපේ පඤ්ඤාකර ස්වාමින්වහන්සේ ඇතුලු කණ්ඩායම මෙම පාද චාරිකාව අප රට තුල අලුත් ධර්ම උද්යෝගයක් නිරිමාණය කළා විනයධර සහ ධර්මධර භික්ෂූණ් වහන්සේලා පිලිබදව මොනතරම් භක්තියක් අපේ ජනතාව දක්වනවාද යන්න මෙම චාරිකාවෙන් සනාථ වුනා බෞද්ධ ජනතාව ඉතා පිබිදීමකින් අතර මග රැදී සිටමින් උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෙෘරවය සහ ආදරය ප්‍රකාශයට පත්කරන අයුරු අප දුටුවා එය බුදුදහමේ විමුක්තිය හරය පොදුජනතාව කෙරෙහි කාවැද්දීමට විශාල ව්‍යායාමයක් වුනා කියල අප හිතනවා.

අප රටේ ඉතිහාසය දෙස බැලුවත් ආර්ථික සමෘර්ධියක් අත්කරගත් සෑම අවස්ථාවකම ආගමික ප්‍රබෝධය ඇතිකරගෙන තිබෙනවා එසේම ආගමික  ප්‍රබෝධය බිදවැටුන සෑම අවස්ථාවකදීම ආර්ථික සහ සමාජය බිද වැටී තිබෙනවා එම නිසා අපේ ආර්ථිකය සහ සමාජය උසස් ලෙස වර්ධනය කිරීමට අවශ්‍ය නම් ඒ හා සමානව ආගමිකක ප්‍රබෝධය අවශ්‍යයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *