අපේ රටේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂ දායකත්වයක් දරණ අපනයනකරුවන් ඇගයීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 28 වැනි වරටත් සංවිධානය කරන “ජනාධිපති අපනයන සම්මාන උළෙල” දෙසැම්බර් 8 දා ජනාධිපති අනුර කුමාර දිසානායක මතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව ඇත.
ඒ කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සංමන්ත්රන ශාලාවේදීය.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඇගයෙන ඉහළම සම්මානය මෙය බවත් එසේම අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා විශාල මෙහෙවරක නියුතු අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණ බවත් ජනාධිපති අපනයන සම්මාන උත්සවය පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව ට එක්වෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවැසුවේය.
ඒ අද(28) අපනයන සංවර්ධන මණ්ඩලයේ දීය.
මෙම අවස්ථාව සදහා අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදිනී මුදලිගේ මහත්මිය, අධ්යක්ෂ ජනරාල් (මුදල් පාලන) රොෂාන් ජයසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
එසේම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන හවුල්කාරිත්වය දරන ආයතන නියෝජනය කරමින් ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රෝහන කුමාර, කොමෂල් බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී දිලාන් රාජපක්ෂ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර් කේ ඔබේසේකර, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපති සහ කලමණාකරන අධක්ෂ මහාචාර්ය අනුර ශාන්තආරච්චි යන මහතුන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 1981 වර්සයේ ආරම්භ කර ඇති අතර මේ වන විට අපනයන සම්මාන වැඩසටහන් 27 ක් පවත්වා ඇති අතර 28 වැනි ජනාධිපති අපනයන සම්මාන උත්සවය සදහ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය ත්‍රාන්තික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුලු ආරාධිත අමුත්තන් 1500 පමන සහභාගී වනු ඇත.
2025/2026 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොම අපනයනකරුවන් ඇගයීම සදහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15 ක් සහ නිශ්පාදන සේවා සහ ආංශික සම්මාන 102 ක් ඇතුලු සම්මාන 117 පිරිනැමෙනු ඇත.




