ශ්රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙස සිට බස්නාහිර දෙසට ගමන් කරමින් තිබෙන බැවින් රට පුරා ප්රදේශ ගනනාවකට මුළු දවස පුරා බලපැවැත්වෙන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා අද(22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්ය හමුවකදී අනාවරණය කළේය.
“ශ්රී ලංකාව ආශ්රිතව මේ වනවිට අන්තර් අභිසාරී කලාපයක් පවතිනවමේ නිසා ප්රදේශ ගනනාවකට දවස පුරා වැස්ස ඇති වෙනව ඒ වගේම සමහර ප්රේශවලට මිලි ලීටර් 100 ඉක්මවූ තද වැසි ඇතවෙන්න පුලුවන්”. ඒවගේම හෙට දිනයේත් මේ ආකාරයට වැසි ලැබීමට නියමිතයි.
“අන්තර් අභිසාරී කලාපයේ බලපෑමත් සමග 23 වන දින අන්දමන් දිවයින ආශ්රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ තත්ත්වය තව දුරටත් වර්ධනය වීමෙන් පීඩන අවපාතයක් බවට පත්විය හැකියි. “මෙයින් ශ්රී ලංකාවට ඝෘජු බලපෑමක් ඇති නොවුනද සුලං ප්රවහා ශ්රී ලංකාව හරහා ගමන් කතරන බැවින් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය මෙම මස 27 දක්වා අඛන්ඩව පැවැතිය හැකියි”.
එසේම මධ්යම සබරගමු සහ ඌව පළාත්වලත් පෙලොන්නරුව සහ හම්බන්තොට ද්රිස්ත්රික් වලත් ප්රබල අකුණු පිලිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේනතුව අවධාරණය කරයි.