සාමයේ පණිවිඩය ලෝක ජනතාව වෙත බෙදාහරිමින් පැවැත්වෙන “ඒහ්පස්සිකෝ සාම පාගමනේ මෙරට ගමනාන්තය අද (28) සටහන් කෙරුණු අතර එහි සමාප්ති රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්ශ්රයේදී පැවැත්විණි.
වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ඇතුලු විදෙස් භික්ෂූන්වහන්සේලා 12 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගිය 22 වෙනිදා දඹුල්ල රජමහා විහාරස්ථානය අසලින්ආරම්භ කෙරුණු සාමයේ පා ගමන රටේ විවිද ප්‍රදේශ ආවරණය වන පරිදි කි.මී .210 වැඩි දුරක් ගෙවා කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත ලගාවිය.
මෙහිදී ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ සහ ජයශ්‍රී මහ බෝධී ශාඛාවක් ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින්වහන්සේ වෙත නිල වශයෙන් භාරදීමද මෙහිදී සිදුකෙරිණි.