2026 දී 1424 ගේ ජීවිත ගමන, මහ මග නතර වෙලා.

මෙම වසරේ (2026) ගෙවුනු මාස 06ක කාලය තුල සිදුවූ 1355ක් වූ මාර්ග අනතුරු හේතුවෙන් මහ මගට බිලිවූ වටිනා මිනිස් ජීවිත සංඛ්‍යාව  1424 ක් බව පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබද අධ්‍යක්ෂ, ජෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා අනාවරණය කළේය.

මෙහිදී වැඩිම පිරිසකගේ මරණය සදහා හේතුවී ඇත්තේ යතුරු පැදි අනතුරු බවත් එය 488 ක් වූ විශාල සංඛ්‍යාවක් බවත් එසේම 484 ක්වූ පදිකයන් ද මාර්ග අනතුරු නිසා සිදුවන මරණ අතර දෙවැන ස්ථානයේ සිටින බවත් ඔහු සදහන් කළේය.

ගිය වසරේ (2025) මෙම කාලසීමාවට සාපේක්ෂව මාර්ග අනතුරු 108 කින් සහ මරණ 110කින් ඉහළ ගොස් අති බවද එය වඩාත් අවධාරණය යොමු කළ යුතු බරපතල තත්ත්වයක් බවත් හෙතෙම පැවසීය.

රියදුරන්ගේ අවධානය ගිලිහීයාම. අධික වේගයෙන් ධාවනය කිරීම, අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, කාර්මික දෝෂ, මාර්ග පද්ධතිවල ඇති අඩු පාඩු වැනි කරුණු මාර්ග අනතුරු සිදුවීමට හේතුවන බවද ඔහු කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මේ බව සදහන් කලේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකාවකදීය. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *