සරණ, අසරණ වෙයි. වසර 16ක් සිපිරිගෙය නියම වෙයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් එල්ලවී තිබූ නඩු හතරකට වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධණ මහතාට එක් චෝදනාවකට වසර 4 බැගින් වූ බරපතල වැඩ සහින්ව වසර 16ක සිර දඩුවම් කොළඹ මහඅධිකරණය විසින් අද (ජුනි 09) නියම කරන ලදී . 

සිර දඩුවමට අමතරව නඩු කටයුතු සදහා රුපියල් ලක්ෂ 18 ක දඩ මුදලක්ද අධිකරණය විසින් ඔහුට නියම කරනු ලැබිණි.

සරණ ගුණවර්ධන මහතා 2006 වසරේදී සංවර්ධන ලොතරැයි මන්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී කුලී පදනම මත පෞද්ගලික අංශයෙන් වාහන 03ක් ලබාගෙන ඇති අතර වාහන හිමිකරුවන්ට කුලී ගෙවීමේදී රජයට අලාභ වන අයුරින් කුලී ගෙවීම යන චෝදනාව යටතේ අල්ලස් කොමිසම මගින් ඔහුට විරුද්ධව මෙම නඩු හතර ගොනුකර තිබිණි.

විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බව නඩුවේ තීන්දුව ලබාදුන්  කොළඹ මහ අධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *