පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු, විෂයානුබද්ධ දේශන පැවැත්වීම අගෝස්තු මස 05 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.
එම කාලයේදී 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සදහා අනුමාන ප්‍රශ්ණ ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම සිදු නොකල යුතු බවටද එම නිවේදයේ සදහන් වෙයි.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට ඒ සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් බැනර් අත්පත්‍රිකා විද්‍යුත්හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනිදේ ලග තබා ගැනීම සපුරා තනම් කර ඇත.
2026 අගෝස්තු 09 වෙනි දින රට පුරා මධ්‍යස්ථාන 2723 කදී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.