පියවරුන්ට ගෞරවය, ආදරය, කරුණාව මෙන්ම ඔවුන්ගේ ගුණකඳ සිහිකිරීම සදහා වෙන්වූ ලෝක පියවරුන්ගේ දිනය අදට(21) යෙදී තිබේ .
ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනය මේ සදහා තෝරාගන ඇති අතර 1909 වර්ෂයේ දී මේ පිළිබදව කරන ලද යෝජනාවක ප්‍රතිපලයක් ලෙස ලෝක පියවරුන්ගේ දිනය ආරම්භ කෙරිණි.
දරුවකුගේ ජීවිතය තුල පියෙකුගේ භූමිකාව හදුනාගැනීම මෙම දිනයේදී විශේෂයෙන් සිදු කෙරෙන අතර පියාට සෙනස දැක්වීම තෑගිභෝග පිරිනැමීම ,පියා සමග එක්වී විවිධ විනෝද කටයුතුවල නිරතවීම ආදිය සදහා අද දිනය වෙන්කෙරෙයි.
පියකුගේ ගුණකද සිහිකිරීම සදහා එක් දිනයක් විශේෂ වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා පිය ගුණ නිතිපතා සිහිකළ යුතු බවත් පෙරදිග රටවල අදහසයි.
කෙසේ වෙතත් ලොව පුරා කෝටි සංඛ්‍යාත පියවරුන් තම දරුවන්ගේ ආදරය ,කරුණාව නොව ඔවුන්ව දැකීමට පවා නොපැමිණීම හේතුවෙන් දුකට පත්ව සිටිති.