නිවුන් භුමිකම්පාවලින් වෙනිසියුලාව වැනසෙයි

වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ඊයේ (ජුනි 24) රාත්‍රී සිදුවූ ප්‍රබල භූ කම්පන හේතුවෙන් 32 කු මියගොස් දහස් ගනනක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

කෙසේවුවද භූ කම්පනවල ප්‍රබලත්වය අනුව සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉතා විශාල විය හැකි බවද අනතුරුවලට නතුවූ ප්‍රදේශවල මිලියන පහකට අධික ජනගහනයක් වාසය කරන බවද එම වාර්තාවල සදහන් වෙයි.

පසුගිය රාත්‍රියේ (එරට වේලාවෙන් රාත්‍රී 11.04) පමණ කරකාස් අගනුවරට බටහිරින් පළමු භූ කම්පනය සිදුව ඇති අතර එය රික්ටර් මාපක අගය 7.1  ප්‍රබලත්වයෙන් යුත් එකකි.ඊට සුලු මොහොතකට පසු සිදුවූ දෙවන භුකම්පනය රික්ටර්මාපක අගය 7.5 අති ප්‍රභල එකක් වන අතර එය අගනුවරට බටහිරින් කිලෝ මීටර් 293 දුරින් යුමාරේ අසල සිදුවී ඇත.

ඒ අතර දෙවන භූ කම්පනය පළමු එක මෙන් තුන් ගුණයක ප්‍රබලත්වයකින් ක්‍රියාකර ඇති අතර එය සියවසකට වැඩි කාලයක් දී දකුණු ඇමරිකාවේ ඇතිවූ බලවත්ම භූ කම්පනය ලෙස සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *