හේමසිරිට සහ පූජිත්ට මරණ දඩුවම්

පාස්කු ඉරුදින (2019.04.21) ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ලවීමට නියමිත බවට අදාල බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුලු අධි චෝදනා 854කට වෙන් වෙන් වශයෙන් වරදකරුවන් බවට පත්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් විජයසුන්දර යන විත්තිකරුවන් දෙදදෙනාට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (ජූලි 31) බහුතර තීන්දුවකින් මරණ දඩුවම නියම කෙරිණි.

අදාල විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 855 බැගින් ගොනුකරමින් නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහ අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දෙකක තීන්දු ප්‍රකාශයට පත් කිරීම ප්‍රියන්ත ලියනගේ තිලකරත්න බණ්ඩාර හා විරාජ් වීරසූරිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිදු කළහ.

මෙහිදී එම තීන්දු දෙකම බෙදුනු තීන්දු ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර සභාපති විනිසුරුවරයා සාමාජික විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතාගේ එකගතාවය ඇතිව තින්දු දෙක නිකුත් කළේය. එසේම සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා වෙනම තීන්දු දෙකක් නිකුත් කළේය.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතට ගැනෙන මරණීය දණ්ඩන චෝදනා 268 කට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බැවින් එකී චෝදනා වලට වෙන් වෙන්ව මරණ දණ්ඩනය නියම කෙරිණි.

විත්තිකරුවන්ට එරෙහිව නගාතිබූ අධි චෝදනා ප්‍රත්‍රවල සදහන්වූ අධි චෝදනා 855 ක් අතරින් අධි චෝදනා 268 කට මෙසේ මරණ දඩුවම නියම විණි.

එසේම ඉතිරි අධිචෝදනා 586න් චෝදනා 585කට විත්තිකරුවන් වරදකරුවන්බවට නිගමනය කළ විනිසුරු දෙපල එම චෝදනාවලට බරපතල වැඩ සහිතව වසර 12 බැගින් සිර දඩුවම් නියම කර එකී සිර දඩුවම් කාලය එකවර ගෙවී යන ලෙසට ලබාදීමටද නියම කළහ. එයට අමතරව චෝදනා 585 ට රුපියල් 5000 බැගින් දඩයක්ද නියම කෙරුණු අතර එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 06 බැගින්වූ අමතර සිර දඩුවම් ලබාදීමටද නියෝග කළහ.

2019.04.21 දින කොළඹ ෂැන්ගිලා, කිංන්ස්බරි, සිනමන් ගාඩ්න්, දෙහිවල ටොපිකල් ඉන් සංචාරක හෝටල් සහ කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි දේවස්ථානය ඇතුලු මෙරට දේවස්ථාන ගනනාවක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදුකළ ප්‍රහාර මාළාව හේතුවෙන් පුද්ගලයන් 268 දෙනෙකු මියගොස් තවත් 586 දෙනෙකුට බරපතල තුවාල සිදුවිණි. එකී මරාගෙන මැරෙනප්‍රහාර එල්ලවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වලක්වා ගැනීමට පියවර නොගැනීම තුලින් පොලිස්පතිවරයා සිය රාජකාරිය පැහැර හැර ඇති බවට පැමිනිල්ල විසින් සාධාරණ  සැකයෙන් ඔබ්බට ඔප්පුකොට ඇති බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද වෙත එල්ලවී තිබූ චෝදනා 856 න් 855කට ඔහු වරදකරු බවත් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් සිදුකිරීමට නියමිත බවට අදාල බුද්ධි තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම. මෙම ප්‍රහාර හේතුවෙන් මනුස ඝාතන සිදුවිය හැකි බවට තොරතුරු දැනුවත් වුවද ඒ පිලිබදව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම බවද මෙහිදී විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සදහන් කලේය.

මෙම නඩු විභාගය සදහා නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමග අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *