කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතාගේ “වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස්” කෘතිය එළිදැක්වීම පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදුකෙරිණි.
රෝග නිවාරණය මෙන්ම වියපත් දිවියේදී අත් විදීමට සිදුවන අනේක විද සෞඛ්‍ය අභියෝග හමුවේ ජනතාව සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය ඇතුලත් මෙම කෘතිය වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතාගේ පළමු නිර්මාණය වෙයි.
කෘතිය එළිදැක්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සහභාගිවූ අතර ප්‍රධාන දේශනය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා විසින් සිදු කළේය.
වැඩිහිටි ඔබට වෛද්‍ය උපදෙස් ග්‍රන්ථය සදීපා ප්‍රකාශන සමාගමේ 31 වන වෛද්‍ය කෘතිය වන අතර එහි සංස්කරණය ප්‍රවීණ මාධ්‍යවේදිනී චම්පිකා දීපානි රණසිංහ මහත්මිය විසින් සිදු කර ඇත.



