මෙරට බෞද්ධ ජනතාවගේ විශේෂිත පොහොය දිනයක් වූ වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි (ඔක්.25)
වස් සමාදන්වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීම අද දිනට යෙදී තිබෙන අතර කඨින චීවර පූජාව ආරම්භ කෙරෙන කඨින චීවර මාසය අදින් ආරම්භ කෙරෙයි.
සත්වන වස්කාලය තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන්වහන්සේ වස් කාලය නිමාකර දඹදිව සංකස්සපුරයට වැඩම කළේ අදවැනි පොහොය දිනකදීය.
සැරියුත් මහ රහතන්වහන්සේ ප්රඥාලාභීන් අතර අගතැන්පත්වීම අද වැනි පොහොය දිනකට යෙදී තිබේ.
අනගතයේ බුද්ධත්වයට පත්වන මෛත්රී බෝසතුන් 500 පිරිස සමග පැමිණ බුදුන්වහස් හමුවේ පැවිදිබවට පත්වීමද අද වැනි පොහොය දිනයකට යෙදී ඇත.
අපරටේ බෞද්ධ ජනතාව ආමිස ප්රතිපත්ති පූජාවල නිරතවෙමින් වප් පොහොය වඩා අර්ථාවිතව ගතකිරීමට කටයුතු කරති.