දුම්කොළ භාවිතය මිනිස් සිරුරට ඉතා හානිකර ප්‍රතිපල ගෙන එන නමුදු එයින් ජනතාව මුදා ගැනීම අසිරු කටයුක්තක් වී ඇත්තේ ඒ පිලිබදව ජනතාවගේ ඇති අවම දැනුවත්භාවය සහ දුම්කොළ ප්‍රබල ඇබ්බැහිකාරකයක්වීම බව දුම්කොළ සහ මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරියේ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා අවධාරණය කළේය.
දුම්කොළ මගින් සිදුවන ආදීනව හදුනාගෙන ජනතාව එයින් මිදීමට කටයුතු කිරීම අවධාරණාත්මක කටයුත්ත බවත් නීති රීති සහ අණ පනත් මගින් සිදුකළහැකි මැදිහත්වීම ඉතා සීමිත බවත් වෛද්‍ය රත්නායක සදහන් කළේය.
දුම්කොළ භාවිතය නිසා වඩාත්ම අවධානමට ලක්වන්නේ පිරිමි පුද්ගලයන් බවත් ඔවුන් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව මෙන්ම ඒ සදහා ප්‍රබලම හේතුව හපන දුම්කොළ බවත් හපන දුම්කොළ අඩංගු වන්නේ බුලත්විට වල බවත් ඔහු ප්‍රකාශ කළේය.
දුම්කොළ සැපීම නවතා ගත හැකිනම් මුඛ පිළිකාව 85% වලක්වා ලිය හැකි බවද ඒ සදහා සමාජය දැනුවත් භාවය අත්‍යවශ්‍ය කටයුත්ත බවත් දැනට එවැනි වැඩ සටහන් ක්‍රියාත්මක වුවද ඊට එපිටින් වූ පුලුල් වැඩ පිළිවෙලක අවශ්‍යතාවය පිලිබදවද ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මේ පිලිබදව සදහන්කළේ පසුගියදා (ජුනි 08) දුම් කොළ කර්මාණ්ත අධ්‍යන කේන්ද්‍රය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය. දුම්කොළ වසංගතය ලංකාවෙන් තුරන්නොවීමට වග කිවයුත්තේ කවුරුන්ද යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය නම්කර තිබිණි.

