ලබන මුදල් වර්ෂය (2027) සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද(නොවැ 20) වැඩි ඡන්ද 97කින් සම්මත විණි.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබිණි.
එසේම අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන 14 (දෙසැම්බර්) දින දක්වා පැවැත්වෙයි.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 දා පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.