අපේ කාන්තාවගේ ආරක්ෂාව තර කරන්න කැනේඩියානු රජයෙන් ආරක්ෂිත වළල්ලක්

කාන්තාව අනාරක්ෂිතභාවයට පත්වීම යුද්ධයකදී, ස්වභාවික උපද්‍රවයකදී හෝ වෙනයම් ආපදාවකදී පමනක් සිදුනොවන්නක් බවත් ඕනෑම ස්ථානයකදී ඔවුන්ගේ ආරක්ෂාව ගිලිහී යා හැකි බවත් කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අවධාරණය  කළාය.

එසේම එම අනාරක්ෂිතභාවය හේතුවෙන් දේශපාලන නියුක්තිය අවම වීම, අධ්‍යාපනයට යොමුවීමේ මාර්ග ඇහිරීම, මෙන්ම ආර්ථික හිමිකාරිත්වය අහිමිවීම වැනි සමාජීය අසාධාරණත්වයට ඔවුන් පත්වන බවත් ඇය සදහන් කළාය.

“මෙවැනි පසුබිමක් යටත් අපට සිදුවෙනව ඔවුන්ගේ ආර්ථික හැකියාව තහවුරු කර ගැනීම සදහා ආර්ථිකය ආරක්ෂාව, සමාජීය ජීවිතය සදහා අයිතිවාසිකම් ආරක්ෂාව ඒ වගේම නීතිමය ආරක්ෂාව සැපයීම “මෙම වරප්‍රසාද ලංකා සමාජයේ සෑම කාන්තාවකට ලබාදිය යුතුයි.”

“ එම නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ යෝජනා අනුගමනය කරන රටක් හැටියට මෙම යෝජනාවලිය ලංකාව් සියලුම භාෂාවලින් පැවැතීම ලංකාවේ සියලුම රාජ්‍ය නොවන සංවිධානවලට, සිවිල් සංවිධානවලට, විවධ සමාජ ක්‍රියාකාරීන්ට එසේම ලංකාවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවලට භාෂා පරතරයකින් තොරව භාෂාවේ පවතින බාධා වලින් තොරව සාමය සහ ආරක්ෂාව කාන්තාවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීමට අත්පොතක් හැටියට භාවිතා කිරීමට හැකිවන අතර ඇත්තටම මෙය ලංකා ඉතිහාසය තුල කාන්තාවන්ට සාමය සහ ආරක්ෂාව පිලිබදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ යෝජනා හදුනාවාදීම නව සමාජයක ඇස් ඇරීමක් ලෙස හැදින්විය හැකි යැයි අමාත්‍යවරිය සදහන් කළාය.

කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිලිබද න්‍යාය පත්‍රයේ හදවත බවත් එය සරල ලෙස හදුනාගන්නා නමුත් බලවත් මූලධර්මයක් බවත් කාන්තාවන්ගේ අර්ථවත් සහභාගිත්වයකින් තොරව තිරසාර  සාමයක් ලගාකරගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ  කැනේඩියානු මහ කොමසාරිස් isabelle marie catherine martin මහත්මිය සදහන් කළාය.

ගැටුම් වැලක්වීමේ සිට විසදුම් සෙවීම, යථා තත්ත්වය පත්කිරීම සහ පුනරුත්ථාපනය දක්වා සාමය ගොඩ නැගීමේ සෑම ක්‍රියාවලියකදීම කාන්තාවගේ හඩ අත්දැකීම් සහ නායකත්වය අවශ්‍ය බවද ඇය සදහන් කළාය.

ඔවුන් මේ බව සදහන් කළේ ඊයේ(ඔක් 30) බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හි පැවැති එක්සත්ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ 1325 වැනි යෝජනාවේ සංවත්සර සැමරුමට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ කාන්තාවන්, සාමය හා ආරක්ෂව පිලිබද යෝජනා හි සිංහල සහ දමිල භාෂා පරිවර්තනය එළිදැක්වීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාව සදහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් “සාමයට පියමං” සංවිධානයේ නියෝජිතයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *