අනවශ්‍ය වියදම් අඩුකරන්න රාජ්‍ය ආයතන 34ක් වසා දමයි.

රාජ්‍ය සේවාව පවත්වාගෙන යාම සදහා පවතින අනවශ්‍ය වැය බර අවම කර ගැනීමේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන 34 ක් වසා දැමීමට මුදල් අමාංශය විසින් තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානාක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් වුවද මහජනතාවට සේවාව ලබාදීම සදහා දරන වැය බර ඉතා අධික බවත් එම හේතුව නිසා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත් තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

එම ආයතන ආරම්භ කළ යුගයට වඩා වර්තමාන අවශ්‍යතාවය වෙනස් වී ඇති බවත් එදා රාජ්‍ය ආයතන විසින් සිදු කළ ඇතැම් කාර්්‍යය සදහා අද වන විට ප්‍රබල පෙෘද්ගලික අංශයත් ගොඩනැගී ඇති බවත්  එවැනි පසුබිමක් යටතේ එම කාර්්‍යය රජය විසින් සිදුකළ යුතුද එසේ නොමැතිනම් පෙෘද්ගලික අංශයේ ඉටු කිරීම වඩා ලාබදායී දැයි අවධානය යොමු කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

“රාජ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක්  එහෙම වුනත් එම සේවාව පවත්වාගෙන යාම සදහා අප දරණ වැය බර ඉතා ඉහළයි එම නිසා අපි තීරණයක් අරගෙන තියෙනව සමහර ආයතන වහල දාන්න ඒ වගේම සමහර ආයතන ඒකාබද්ධ කරන්න”. අපේ අපේක්ෂාව වෙන්න ඕන කොහොමද වෘත්තීයවේදීන් අපි රාජ්‍ය සේවයට බදවා ගන්නේ කෙහොමද ඒ වගේම කොහොමද වෘත්තීයවේදීන්ට ආකර්ෂණයක් ඇතිවන පරිදි මෙම රාජ්‍යසේවය පවත්වා ගන්නෙ එහෙම නැත්නම් මම හිතන්නෙ මෙම රාජ්‍ය සේවය අර්බුදයක් බවට පත්වෙනවා.”

කෙසේ වෙතත් මෙරට රාජ්‍ය සේවාව ආකර්ෂණය නොවන බැවින් බොහෝ දෙනෙක් එය අතහැර යන බවත් වෘත්තීයවේදින් රදවා ගැනීමට අවශ්‍ය ශක්තිමත් රාජ්‍යසේවාවක් රට තුල නොමැති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

කෙසේ වුවද එවැනි පසුබිමක් යටතේ වුවද වැටුප ඉහළ නැංවීමට තීරණය කර ඇති බවත් 2027 වසරේ වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110 ක් අවශ්‍ය බවත් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධ වැඩි අවධානය යොමුකරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිි අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශකළේ ඊයේ (23) බත්තරමුල්ලේ දී පැවැති උත්සවයකදීය. රජයේ මිනුම්දෝරු සංගමයේ සියවැනි මහා සභා රැස්වීම පැවැත්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *