අපේ රටට ඩොලර් මැවෙන සැලැස්ම එළිදක්වයි

අප රටේ ආර්ථිකයට සුවිශේෂී මංපෙත් විවර කරදෙන ඉදිරි පස් වසර සදහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එලිදැක්වීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹදී  සිදුකෙරිණි.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මග පෙන්වීමකට අනුකූලව රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් එසේම තිරසර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම අරමුණු කෙරුණු 2026 – 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025 අයවැය යෝජනා යටතේ සකස් කරන ලද්දකි.

මෙහිදී වැඩ සටහනේ මග පෙන්වීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය අනුකූලවද , අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) නායකත්වය යටතේද. ආසියානු සංවර්ධන බැංකුවේ(ADB) ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහනේ  තාක්ෂණික සහය ද සහිතව මෙම උපයා මාර්ගික සැලස්ම සකස් කර ඇත.

එසේම රජයේ ප්‍රධාන ආයතන මෙන්ම පෙෘද්ගලික අංශයේ පාර්ශවකරුවන් සංවර්ධන හවුල්කරුවන්ගේ  උපදේශන දායකත්වයේ සුවිශේෂ ප්‍රතිපලයක් ද වෙයි.

මෙම සංවර්ධන සැලැස්ම තුල අපනයන විවිධාංගකරණය ප්‍රවර්ධනය කිරීම සදහා තිරස් අංශ ( HORIZONTALS) 06 ක් සහ ප්‍රමුඛතා අපනයන අංශ (VERTICALS) 08ක් හදුනාගෙන ඇත.

2030 වර්ෂය වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක් අපනයන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙම සැලැස්මේ මූලික අරමුණ වන්නාසේම  ලංකාව කලාපීය සහ ගෝලීය වෙළදපල සදහා සේවය සපයන තරගකාරී සැපයුම්දාම සහ දැනුම පදනම්කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අඩිතාලමද වෙයි.

මෙම සැලැස්ම අපේ නීෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත කිරීමත් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමත් ප්‍රධාන අපේක්ෂාවන් වන අතර එය ආර්ථිකයේ පෙර ගමන්කරු ලෙස කටයුතු කරණු ඇත.

ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එලි දැක්වීමේ අවස්ථාව සදහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, මහතා ඇතුලු අමාත්‍යවරුන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ මහතා ඇතුලු නියෝජ්‍යය අමාත්‍යවරුන් එම අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුලු අමාතංශ ලේකම්වරු ආසියානු සංවර්ධන බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්, ආර්ථික විශේෂඥයන්,අපනයනකරුවන්, සංවර්ධන හවුල්කර්වන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

NEDP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *