දියවැඩියාවෙන් අන්ධ වනතුරු අන්ධයකුසේ නොසිටින්න

දියවැඩියාව නිසා සිදුවන අන්ධභාවයට අප ගොදුරුවන්නේ පූර්ව සංඥාවලින් තොරව නොසිතන මොහොතකදී බවත් එම හේතුව නිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන සෑම අයෙක්ම වසරකට එක්වතාවක් හෝ ඒ සදහා වන අක්ෂි පරීක්ෂණය සිදුකර ගත යුතු බවත් කොළඔ ජාතික අක්ෂි රෝහලේ දුෂ්ඨි විතානය පිලිබද විශේෂඥ ශල්‍යය වෛද්‍ය කපිල බන්දුතිලක මහතා  අවධාරණය කළේය.

දියවැඩියාව නිසා දෑස් වල ඇතිවන මෙම සංකීර්ණ තත්ත්වය දියවැඩියාව නිසි පාලනයෙන් තොරව වසර කිහිපයක් ගතවන විට දැක ගතහැකි බව ඔහු පැවසීය.

“දියවැඩියා රෝගය නිසා ඇස්වල ඇතිවන වෙනස්වීම මුලින්ම ඇසේ දුෂ්ඨිවිතානය මත රුධිරය කාන්දුවීම ලෙස ආරම්භ වෙනවා. මේ ආකාරයට ඇසමත රුධිරය කාන්දුවීම නිසා දුෂ්ඨිවිතානය ඉදිමීමට ලක්වෙනාවා තවදුරටත් මේ තත්ත්වය වර්ධනයවීමත් සමග රුධිර නාල මල්පොකුරු ආකාරයට වෙනස්වීමට ලක්වෙනවා අන්තිමේදි මෙම ලේ නහර පුපුරා ගොස්  දුෂ්ඨිවිතානය ගැලවීයාමට තරම් සංකීර්ණර්ණ සහ අවධානම් තත්ත්වයක් ඇති වෙනවා “.

කෙසේවුවද මූලික අධියරේදී ඇසේ වෙනස්වීම හදුනා ගතහොත් දියවැඩියාව නිසි පාලනය මගින් මෙම තත්ත්වය යම් පාලනයක් ඇතිකර ගතහැකි බවත් දෑස්වල රෝගය වර්ධනය වී ඇති ආකාරය අනුව ලේසර් ප්‍රතිකාර මෙන්ම ඇසට එන්නත් ලබාදෙන බවත් එසේම ශල්‍ය ප්‍රතිකාර පවතින බවත් එහෙත් පහසුම කටයුත්ත ප්‍රතිකාර ලබා නොගැනීමේ තත්ත්වයට දෑස රැකගගැනීම බවත් වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසීය.

දියවැඩියා රෝගයෙන් පෙලෙන සෑම පුද්ගලයන් තිදෙනෙක් අතරින් එක් අයෙකුට කුමන හෝ ආකාරයක දෑස්වලට බලපෑමක් ඇති වන බවද එහිදී ඇසේ සුද ඇතිවීම. අක්ෂි ආසාදන, ග්ලූකෝමාව ඇතිවීමේ ප්‍රවනතාවය වැනි තත්ත්වයන් දැකිය හැකි බවත් ඔහු පැවසීය.

අපරටේ සෑම පුද්ගලයන් 5 දෙනෙකු අතරින් එක් අයෙකු දියවැඩියා රෝගියෙකු වන බවට අනාවරණය කරගෙන ඇති පසු බිමක තම දෙනෙත්වල සුරක්ෂිතභාවය පිලිබදව වඩා අවධානයෙන් කටයුතු කරන ලෙසද සියලු පැතිකඩ ඔස්සේ බැලීමේදී එය වඩා යහපත් බවද හෙතෙම පැවසීය.

නොවැම්බර් 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පෙරේදා (12) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී  වෛද්‍ය කපිල බන්දුතිලක මහතා මේ බව පැවසීය.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *