ඉදිරි පස් වසර සදහා ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය තුල අපේක්ෂිත ආධායම ඩොලර් බිලියන 36 ක් බවත් එම ඉලක්කගත ආධායම සපුරා ගැනීම සදහා සමුද්‍ර සහ අක්වෙරළ සේවා ඉහළ මැදිහත්කරුවකු බවට පත්කර ගැනීමේ වැඩ පිිළිවෙළ දියත් කර ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා අවධාරණය කළේය.
එහි සුවිශේෂී සංධිස්ථානයක් වන” වොයේජ් ශ්‍රී ලංකා සමුද්‍රීය සමුළුව” (Voyage Sri Lanka 2025) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එළඹෙන ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැවෙන මෙම සමුළුව සදහා නීල ආර්ථික (blue economy) ක්ෂේත්රයේ ගෝලීය නායකයන්, ප්‍රතිපත්ති ඩොලර් බිලියන 36 ක ඩොලර් බිලියන 36 ක ඩොලර් බිලියන 36ක ගන්නා බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව, නීල ආර්ථිකය තුල අපනයන ක්ෂේත්රය ඉහළ කොටස්කරුවෙකු බවට පත්කර ගැනීම සදහා සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ බවත් හෙතෙම පැවසීය.
“Voyage Sri Lanka 2025″ මෙරට පැවැත්වීමේ අරමුණු ගනනාවක්ම තිබෙනව.ජාත්‍යන්තර නාවික ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාව සිය ආයෝජන සදහා ඉතා වටිනා අවස්ථාවක් ලෙස හදුන්වා දීම සම්‍රද්‍ර සහ අක්වෙරළ සේවාවන් මෙන්ම බෝට්ටු තැනීමේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රායෝගික ලෙස ඉදිරියට ගෙනයාම මෙන්ම නාවික ක්ෂේත්රයේ සියලු දෙනාට ශ්‍රී ලංකාව සුව පහසු ගමනාන්තයක් බව අත්දැකීම ඊට ඇතුලත් වෙනව”.
Voyage Sri Lanka 2025 නීල ආර්ථිකයේ පුලුල් පරාසයක් නියෝජනය කරන සමුළුවක් මෙන්ම එහිදී ඉහළ මට්ටමේ සාකච්ඡා වටයන් දේශන සහ ජාලකරණ සැසිවාරයන්ගෙන් සමන්විත බවද මංගල විජේසිංහ මහතා පැවසීය.
