යුධ ‍අවි නිහඩ කරන්න ට්‍රම්ප් බම්ප් එකක් දායි.

රුසියන් යුක්ක්‍රේන යුද්ධය නිමා කිරීම සදහා මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්ක්‍රේන් ජනාධිපති විලොද්මියර් සෙලෙන්ස්කි සාකච්ඡාවක කැදවා තිබූ අතර එය සාර්ථකව නිමාවූ බව ධවල මන්දිර ආරංචි මාර්ග සදහන් කරයි.

සාකච්ඡාව අවසන්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් යුක්ක්‍රේන් ජනාධිපතිවරයා “මෙම සාකච්ඡාව යුද්ධය පිලිබදව හොද දැනුවත්වීමක් ලබාගන්න අවස්ථාවක් වුනා. රුසියාව සමග යුද්ධය අවසන් වු‍වහොත් ඡන්දයකට සූදානම් වෙනවා“ යැයි සදහන් කළේය.

ඊයේ (20) ධවල මන්දිරයේදී පැවති මෙම නායක හමුව ලෝකයේ වඩාත් අවධානය යොමුවූ අතර සාකච්ඡාව සදහා යුරෝපා සංගමයේ සභාපතිනිය, නේටෝ සමාගමේ ලේකම්, ප්‍රංශ ජනාධිපති, ජර්මන් චාන්සල්වරයා, බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙන් ම ඉතාලි අගමැතිවරයාද සහභාගි වූහ.

සාකච්ඡාව අතර තුර ඇමරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක්ද පවත්වා ඇත.