බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සදහා මූලික වූ ඇසල පොහොය දිනය අදට (10) යෙදී ඇත.
සිදුහත් බෝසතානන් වහන්සේ මව් කුස පිළිසිද ගැනීම,රාහුල කුමරුගේ උපත සිදුවීම, බෝසත් වහන්සේ ගිහි ගෙයින් නික්මීම, මෙන්ම බුදුන්වහන්සේ පස්වග මහනුන් උදෙසා ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම අද වැනි පොහොය දිනක සුවිශේෂ වූ සිදුවීම් වෙයි.
එසේම ත්‍රීර්ථකයන්ගේ මානය බිදීම සදහා ගන්ධබ්බ රුක්ක මූලයේ තෙවන වර යමා මහ පෙළහර පෑම සහ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසීම සිදුවූයේ අදවැනි පොහොය දිනකදීය.
භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භය මෙන්ම මහනුව ශ්‍රී දළදා පෙරහැර ආරම්භය සනිටුවහන් කෙරෙන ඇසල පොහොය දින සුවිශේෂ සිදුවීම් අතරට එක්වෙයි.