සිරිපා අවාරය ඇරඹෙයි.

දෙස් විදෙස් වන්දනාකරුවන් සදහා සීමිත කාල සීමාවක් සදහා විවෘතව පවැති සිරිපා වන්දනා කටයුතු ඊයේ(12) දිනයෙන් නිමාවට පත්විය

ශ්‍රීපාද උඩමළුවේ තැන්පැත් කර ඇති සධාතුක කරඩුව .සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ රැගත් පෙරහැර අද(13) දින උඩමළුවේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වඩම්මාවා ගෙන යන බවත් චාරිත්‍රාණුකූලව සිරිපාද අවාරය අවසන් වන තුරු එහි තැන්පත් කර තබන බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව රත්නප්‍රර මහ දිසාවේ ප්‍රධාන සං”ඝනායක බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියො සදහන් කළහ‍.

පසුගිය වසරේ (2024) දෙසැම්බර් 14 දින සිට සිරිපා වන්දනා සමය ආරම්භ කෙරිණි.