බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සනිටුහන් වූ දුරුතු පුර පසලොස්වක පොහොය දිනය අදයි.
එසේම එය වසරේ පළමු පොහොය දිනය යි.
බුද්ධත්වයෙන් නව වැනි මාසයේ සිදුවූ පළමු ලංකා ගමන මෙම පොහොය දින විශේෂ සිදුවීම් අතර මුල් තැන ගනී එදින මහියන්ගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්ෂ සහ නාග ග්‍රෝත්‍ර දෙකක් අතර සිදුවීමට ගිය මහා කොලාහලයක් සංසිදවූහ.
සුමණ සමන් දෙවියන් බුදු බණ අසා සෝවාන්භාවයට පත්වීමද දුරුතු පොහොය විශේෂ සිදුවීම් අතරට එක්වෙයි.
භික්ෂූන්වහනසේ සදහා ආරාම පිලිගැනීම සුදුසු යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ දුරුතු පුර පසලොස් පොහොය දිනකදීය.
ශ්‍රී ලංකා බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් වැදුම් පිදුම් සිදුකරන කැලණි විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යද දුරුතු පොහොය දිනට යෙදී ඇත.