ඡන්දය 14. වෙනසක් නැහැ.

නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබවට තීන්දුවක් ලබාදෙන ලෙස  ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අද(04) ශේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශිරාන් ගුණරත්න, ප්‍රීති පද්මන් සූරසේන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශේෂ්ඨාධිකරණ විසිනිසුරු මඩුල්ලක් විසින් දීර්ඝ කරුනු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව මැතිවරණය පැවැත් වෙන දිනය නියම කර ඇති බව මෙන්ම මේ වන විට මැතිවරණයට අදාල මූලික කටයුත බොහොමයක වැඩ කටයුතු නිමා කර ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේඛ සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත්කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙකු වන ප්‍රියන්ත හේරත් විසින් මෙම පෙත්සම ඉදිරි පත් කර තිබේ.