රට හරි මගට ගෙනයාමට හරිනිට හරිම දේ ලැබෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබිණි.

අභිනව අග්‍රමාත්‍යවරියගේ දිවුරුම් දීම අද(24) කොළඔ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජනරජයේ 3 වන කාන්තා අගමැතිනිය ලෙස ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වූවාය.

හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස 2020 වර්ෂයේදීය.

1970 මාර්තු 06 දින උපත ලබා ඇති ඇය එඩිංබරෝ විශ්වවිද්‍යාලයේ සමාජ සහ මානව විදයාව පිලිබද ආචාර්ය උපාධිධාරිණියක් වෙයි.