නිකිණි පොහොය අදයි.

බෞද්ධ ශාසනික වටිනාකම් රැසක් සදහා මූලිකවූ නිකිණි පුන් පොහොය දිනය අදයි(19).

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වූ පළමු ධර‌ම සංඝායනාව සිදුවන්නේ ද අද වැනි පොහොය දිනකදීය.

බුද්ධ ශාසනයේ ධර‌ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන්වහන්සේ රහත්භාවයට පත්වීමත් අද වැනි පොහොය දිනයක සුවිශේෂත්වයට හේතු වෙයි.

පෙරවස් සමාදන්වීමට නොහැකිවූ භික්ෂූන්වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පොහොය දින වැගත් සිදුවීම් අතරට එක්වෙයි.