පැරිස් ඔලිම්පික් උළෙලේ සමාප්තිය සටහන් කරමින් එම දජය ඇමරිකානු සුපිරි නළුවකු වන ටොම් කෲස්ට සම්ප්රධානුකූලව භාරදීම අද(12) සිදුකෙරිණි.
2028 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකන්වය ඇමරිකා එක්සත් ජනපදය දරන අතර එය ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී ටොම් කෲස් ඔලිම්පික් දජය භාරගැනීමට කේබලයක ආධාරයෙන් ප්රේක්ෂකාගාරයේ වහළයයේ සිට පහළට පැමිණි අතර ඇමරිකානු ජිම්නාස්ටික් ක්රීඩිකාවක වන සිමෝන් බයිල්ස් විසින් ඔහුට එය භාරදෙනු ලැබිණි.
ටොම් කෲස් ඔලිම්පික් දජය රැගෙන පැරීසිය හරහා ලෝස් ඇන්ජලීස් වෙත ගමන්කරන ආකාරය දැක්වෙන පූර්ව පටිගතකරන ලද වීඩියෝවක් එහිදී ප්රදර්ශනය කෙරිණි.