කුඩු ගැන කුඩු නොවන ස්ථාවරයකට එනවා – ඇමැති විජයපාල කියයි.

මත් ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් පිලිබදව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අවධාරණය කළේය.

අද (27) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිලිබදව පැවසීය.

ඉදිරියේ දී ඊට අදාලව කටයුතු කරන ආකාරය හා  ආණ්ඩුවේ ස්ථාවරය පිලිබදව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ”සිද්ධිය සම්බන්ධව ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුකූලව එක් පැත්තකින් කටයුතු කරන ආකාරයටම නීත්‍යානුකූලව ගතයුතු ක්‍රියාමාර්ග ඒ ආකාර්‍යයෙන්ම ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම අප බලයට පැමිනි දා සිට නීති විරෝධිිි කටයුතු ගැන සොයල බලල ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නේ කෙනෙකුගේ තරාතිරමට අනුව නොවෙයි. නීතිය ඉදිරියේ අප සියලු දෙනා සමානයි කියල අපි දන්නවා දුබලයාට එක නීතියකුත් ප්‍රබලයාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න බැහැල යම් කෙනෙක් නීති විරෝධීව කටයුතු කරනවානම් ඒ පිලිබව ගතයුතු කියාමාර්ග ඒ පිලිබදව අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීමටත් ඔවුන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *