ශ්‍රී ලංකාව යෙදවුම් ප්‍රමාණයට වඩා ඵලදායිතාවය පෙන්නුම් කරන බවත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව පිලිබදව තමා විශාල පැහැදීමට පත්වන බවත් චර්මරෝග පිලිබද පදනමේ සභාපතිනී එක්සත් රාජධානයේ, චර්ම රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය Clair Fuller මහත්මිය ප්‍රකාශ කළාය.
ඊයේ (11) කොළඹ ශැංගිලා හෝටලයේදී ආරම්භ වූ නිවර්තන චර්ම රෝග පිලිබද දෙවැනි ජාත්‍යන්තර සමුළුවේ (2nd international conference on topical dermatology) සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඇය මේ බව කීවාය.
චර්ම රෝග ක්ෂේත්‍රයේ විදේශ නියෝජිතයන් විශේෂඥයන් සහ වෛද්‍යවරු 350 පමණ පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.
මෙම අවස්ථාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිනී නිවර්තන චර්ම රෝග පිලිබද දෙවැනි ජාත්‍යන්තර සමුළුවේ සභාපති චර්ම රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය ඇතුලු හ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාජික සාමාජිකාවන් දේශීය සහ විදේශීය පර්යේෂකයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම ජාත්‍යන්තර සමුඵව 2026 මාර්තු 11 සිට 14 දක්වා කොළඔදී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉන්දියාව, බංගලිදේශය, නවසීලන්තය, යන රටවල් ඇතුලුව රටවල් 25 චර්මරෝග විශේෂඥයන් සහභාගි වෙති.