කිතුනු සමිදානන්ගේ උපත සිහිකරන අසිරිමත් නත්තල අදට (25) යෙදී ඇත.
සාමයේ පණිවිඩය මෙළොවට රැගෙන ආ උන්වහන්සේගේ උපත ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙණි.
මෙවර ප්‍රධාන නත්තල් මෙහෙය ඊයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී සිදුවූ අතර එහිදීඋන්වහන්සේ සදහන් කළේ වෙළද ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් ඉපැයීමේ උත්සවයක් බවට පත්කරගෙන ඇති බවත් එසේම එය එසේ සිදු නොවිය යුතු බවත්ය.
“කිතුණු දහම කියන්නෙ අත්හැරීම, අත්හැරීමක් නැතුව ක්‍රිස්තු ධර්මයක් නැහැ ක්‍රිස්තුත් වහන්සේ ජීවත්වුනේ හැමදේම අත්හරිමින් මේ සදහා තමයි උන්වහන්සෙ බිහිවීමට ගව ලෙනක් තෝර ගත්තෙ. දුප්පත් දෙමාපියන් තෝර ගත්තෙ සමාජයේ නැතිබැරි අය අතර ජනිත වුනේ”.
“මෙන්න මේ දේ අපි පෙන්නුම් කර දෙන්න ඕනෙ අපේ ජීවිත කාලයේ අපි බොහෝ වෙලාවට මේ ලෞකික බලය භෞතික සම්පත්වල සිරකරුවන් ලෙස ජීවත් වෙනවා බුදුන්වහන්සේගේ ධර්මයේද පවතින්නේ මේ ධර්මයම තමයි අපිමේ තණ්හාව නැති කළ යුතුයි” යැයි උන්වහන්සේ අවධාරණය කළේය