අද (නොවැම්බර් 06) පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගනනාවක ජලයෙන් යට වී ගිය අතර ඒ සමග ඇතිවූ වාහන තදබදය හේතුවෙන් ගමනාගමන කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ලවී තිබේ.
බොරුල්ල, මරදාන, ආමර්වීදිය මෙන්ම කොල්ලුපිටිය මන්සන්ධියේ සිට ගාලුපාර අධික වාහන තදබදයක් ඇතිවී ඇති අතර මෙම හේතුව නිසා වාහන එකම ස්ථානයේ පැය කිහිපයක් රැදී සිටීමට සිදුව ඇත.
එසේම අධික වර්ෂාව හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථෘන අතර සංඥා පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව ඇති අතර සියලුම මාර්ගවල දුම්රිය ගමනානා ගමනයට බාධා එල්ල වී ඇත.
මෙම හේතුව නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම අධිවේගී මාර්ග පිවිසුම අතර දැඩි වාහන තදබදයක් පවතින බවට වාර්තාවී ඇත.
මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන සෑම අවස්ථාවකදීම ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසත් හැකි සැමවිටම විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලාසිටී.