ජාතික ඵලදායිතාවය ඉහළ නැංවීම සදහා විශිෂ්ඨ කාර්යභාර්යක නිරතවූවන් ඇගයෙන “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 08) බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලාවේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
මෙම සම්මාන ප්‍රධානය, රාජ්‍ය අංශය, නිෂ්පාදන සහ සේවා අංශය, පාසල් අංශය යන අංශ තුන ආවරණය වන අයුරින් විශිෂ්ඨයන් ඇගයීම අරමුණින් කර්මාණ්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.
ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්ක්ෂමතාව සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම,වෙනුවෙන් විශිෂ්ඨ කාර්්යභාර්යක් සිදුකළ ආයතන මෙහිදී අගයනු ලැබිණි.
2003 වර්ෂයේදී දී ආරම්භ කෙරුනු දෙවසරකට වරක් පවත්වන ජාතික ඵලදායිතා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ වසර 05 කට පසුව වීමද මෙහිදී විශේෂත්වයක් විණි
“ඵලදායිතාව“ අපට හුරුපුරුදු වචනයක් නොවන බවත් අපට නිරන්තර අසන්නට ලැබෙන්නේ නාස්තිය, දූෂණය, සොරකම ආදී ඵලදායිතාවට ප්‍රතිවිරුද්ධ වචන බවත් දසක ගනනාවක් පුරා අපි සාකච්ඡා පවත්වා ඇත්තේ අකාරක්ෂමතාව පිලිබදව බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී සදහන් කළේය.
එසේම වසර පහකට පසු ඵලදායිතා ඇගයීම හරහා සමාජයේ මේ පිලිබදව නව සාකච්චාවක් ඇරඹිය හැකි බවත් ඒ තුලින් ධනාත්මක සංකල්ප වෙත ජනතාව තල්ලු කළ හැකි බවත් හෙතෙම පැවසීය.
ඵලදායිතව ඉහළ දැමීම තුලින් අපේ වැටුපත් ඉහළ දමා ගැනීමට හැකි බවත් එසේම ජීවන තත්ත්වය ඉහළින් ඔසවා තැබීමට උපකාරී වන්නේ ඵලදායිතාව බවත් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සදහන් කළේය.
මෙවර ජාතික ඵලදායිතා සම්මාන උත්සවයේදී පාසල් අංශයේ ස/ සීවලී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර සහ බප/හෝ/සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලයත්, රාජ්‍ය අංශයේ ප්‍රධාන ලේකම් කාර්්‍යාලය – දකුණු පළාත,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -කිලිනොච්චියසහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය හම්බන්තොට නිෂ්පාදන හා සේවා අංශය ඇට්ලස් ඇක්සිලියා පුද්ගලික සමාගමත් ජනාධිපති රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.


