අද දීපවාලී දිනයයි.

ලොව පුරා හින්දු භක්තිකයන් මහත් ගෞරවයෙන් සමරන වර්ණවත් සංස්කෘතික උළෙලක්වූ දීපවාලී දිනය අදට (නොවැම්බර් 08) යෙදී ඇත.

ලොව වසාගත් අදුර දුරුකිරීමට ආලෝකය දැල්වීම දීපාවලී දින අරමුණයි.

විශ්ණු දෙවියන් විසින් “නරගාසුර” නැමැති අසුරයා පරාජය කර යහපත සහ ආලෝකය ජයග්‍රහනය කිරීම සිහිපත් කිරීම දීපවාලී උත්සවයේ තවත් ප්‍රධාන අරමුණකි.

ඉතිහාසයේ නොවී විරූ අභියෝග වලට මුහුණ දී ඇති මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අදුර පලවා හරින්නට සියලු දෙනා එක්ව සාමුහිකව වැඩ පිළිවෙළකට එළඹිය යුතු බවත් අදුර පලවාහැරිය හැක්කේ ආලෝකයට පමනක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක දීපවාලී දින සුබ පැතුම් එක් කරමින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *