මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අදයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද(අගෝස්තු 18) වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

රාත්‍රී 6.52 ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ කෙරෙන කුඹල් පෙරහැර දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට පැමිණීමට නියමිතව ඇත.

දින පහක කාලයක් කුඹල් පෙරහැර පැවැත්වෙන අතර අගෝස්තු 23 දින සිට රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරෙනු ඇත.

ඒ අතර පෙරහැර පැවැත්වෙන කාලය තුල මහනුවර නගරය තුල විශේෂ ආරක්ෂාකාරී රථවාහන සැලැස්මක් පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *