අප රටේ සෞඛ්‍ය සේවාවට සුවිශේෂී මංපෙතක් විවර කර දෙමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID) ඩෙංගු රෝග කළමනාකරණය පිලිබද පුහුණු සහ පර්යේෂණ සදහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නිල වශයෙන් නම් කර ඇති බව එහි අධ්යක්ෂ වෛද්‍ය අරුණ සන්ධනායක මහතා අනාවරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ රෝහලකට මෙවැනි ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ගෞරවයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වන බවත් රෝහලට වසර 100 සපිරෙන අවස්ථාවේදී මෙවැනි තත්ත්වයක් ලබා ගැනීමට හැකිවීම මහත් අභිමානයට හේතුවක් බවත් ඔහු පැවසීය.
“අපිට මෙම අවස්ථාව ලගාකරගැනීමට හැකියාව ලැබුනෙ රෝහලේ පරිපාලන, වෛද්‍ය කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නියුතු සියලු පාර්ශවයන් විසින් වසර ගනනාවක් තිස්සේ සිදුකල මහත් පරිශ්රමයක ප්‍රතිපලයක් විදිහටයි.”
NIID රෝහල “ පසුගිය වකවානුව පුරා අපේ වෛද්‍ය කාර්යමණ්ඩලය ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව අවශ්‍ය පුහුණුවීම් සදහා විදේශ් රටවලට යාමට සිදුවුනා නමුත් මෙම මධ්‍යස්ථානය පිහිටවීමෙන් පසුව අපිට හැකියාව ලැබෙනවා අනිකුත් රටවල වෛද්‍ය කාර්ය්යමණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් සදහා අපේ රටේ ඉඩ සලසාදීමට එය අපේ රටට ගෞරවයක් වගේම අභිමානයක්”.
“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර හතරක කාලයක් සදහා අපට මෙම අවස්ථාව ලබාදීල තියෙන්නෙ නැවතත් තවත් සිව් වසරක කාලයක් සදහා මෙම අවස්ථාව උදා කරගැනීමට හැකියාව තිබෙනව ඒ වගේම එහිද අපට විශාල අභියෝග රැසක් සදහා මුහුණ දිය යුතුයි එහිදී අපි සපුරා ගතයුතු ඉලක්ක ගනනාවක් තිබෙනව.”
NIID රෝහල 2011 වර්ෂයේ දී ඩෙංගු රෝග කළමනාකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කර රෝහලේ වෙද්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් ලබා දුන් අතර එය රෝහලේ සුවිශේෂ සංධිස්ථානයක් බවත් පසුව රටපුරා පිහිටි රෝහල් වල වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම රෝහලේදී ඩෙංගු රෝග කළමනාකරණය පිලිබදව අවශ්‍ය පුහුණුවීම් ලබාදුන් බවත් ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා සදහන් කළේය.
“ඒ වගේම අපේ රෝහලේ වසර දහයක පමණ සිට බෝවන රෝග කළමනාකරණ පුහුණු ඒකකයක් පවත්වාගෙන යනවා HIV ඉන්ෆුලුවෙන්සා කොවිඩ් වැනි බෝවන රෝගීන් කළමනාකරණය පිලිබද සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවිම් මෙහිදීම ලබාදීම සිදුවෙනවා”.
“ 2024 වර්ෂයේදී විසින් විවිධ රටවල සෞඛ්‍ය කාර්්‍යමණ්ඩලය මෙම රෝහලේ විශේෂ පුහුණුවීම් සදහා යොමු කරල තිබෙනවා එවැනි පසුබිමක් යටතේ තමයි අපේ රෝහලට මෙවැනි පිලිගැනීමක් හිමිවුනේ “.
මේ වන විට වසර 100ක් සම්පූර්ණ කරන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය එදා ලෝක වංගත වූ කොළරාව, වසූරිය, සරම්ප, වැනි රෝග හමුවේ සක්‍රීයව ක්‍රියාකළ බවත් වසංගත තත්ත්වයන් ක්‍රමයෙන් පහව ගිය පසුව 1965 වර්ෂය පමන වනවිට රෝහල බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහී ගිය බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතා සදහන් කළේය.
කෙසේ වුවද 2000 වසරින් පසුව රෝහල නැවත ඉතා කාර්්යක්ෂම රෝහලක් බවට පත්වූ බවත් ක්‍රමයෙන් ඉහළ ගිය ඉන්ෆලුවෙන්සා ,ඩෙංගු,රෝගීන් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ රෝහල ඉතා කාර්ශක්ෂම සහ ජනතාවගේ වැඩි අවධානයක් සහිත ස්ථානයක් බවට පත්වූ බවත් ඔහු කීය.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ ඩෙංගු කළමනාකරණ ඒකකය සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීම වෙනුවෙන් ඊයේ(ජුනි 11) පැවැති මාධ්‍ය හමවකදී ඔවුන් මේ බව සදහන් කළහ.
මෙම අවස්ථාවේ සම්පත් දායකයන් ලෙස රෝහල් අධ්යක්ෂ ඒ. බී සන්ධනායක,කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම. කායිකරෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය,ළමාරෝග විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක,ජාතික ඩෙංගුමර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ජගත් අමරසිංහ, සහ විශේෂ ශේණියේ හෙද නිලධාරිනී ගීතානි උඩුගම්කෝරල යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
