ලබන වසර (2027) සදහා රජයේ වියදම් සහ ඒවා පියවා ගන්නා ආකාරය පිලිබදව සකස් කෙරුනු අයවැය ලේඛනය අද (නොවැ12) මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතයි.
අයවැය 2වන වර කියවීමේ විවාදය හෙට (නොවැ 13) ආරම්භ කෙරෙන අතර ඒ පිලිබද ඡන්ද විමසීම නොවැම්බර් 20 දින පැවැත්වීමට නියමිතව ඇත.
අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැ 21 සිට දෙසැමබර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 දා පැවැත්වෙනු ඇත.
ලෝකයම ආර්ථික දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක ඉදිරිපත් කරන අයවැය ඉතා තීරණාත්මක එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ සදහන් කරති.